එපා කිව්ව චීනයේ පොහොර නැව මඟ එනගමන් - හතරදෙනෙකුගේ කල්ලියක් සිද්ධිය පිටුපස
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

එපා කිව්ව චීනයේ පොහොර නැව මඟ එනගමන් - හතරදෙනෙකුගේ කල්ලියක් සිද්ධිය පිටුපස

එපා කිව්ව චීනයේ පොහොර නැව මඟ එනගමන් - හතරදෙනෙකුගේ කල්ලියක් සිද්ධිය පිටුපස

චීනයේ බසිට ගෙන්වීම නතර කර තිබූ පොහොර තොගය රැගත් නැව ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්තකෝන් මහතා පැවසුවේය.

 

මෙම පොහොරවල ගොවිතැනට අහිතකර බැක්ටීරියා ඇති බවට සිදුකරන ලද පරීක්‍ෂණවලින් හෙළිවීම හේතුවෙන් පොහොර මෙටි‍්‍රක් ටොන් 93,000ක් චීනයෙන් මෙරටට ගෙන්වීම අත්හිටුවා තිබුණි.

 

නමුත් පොහොර තොගය ඒවන විට නැව්ගත කර තිබූ බවත්, එය මෙරටින් ප‍්‍රතික්‍ෂේප කළද ගිවිසුම් ගතවී ඇති ආකාරයට පොහොර තොගය මෙරට විසින් භාරගත යුතු නිසා අදාළ පොහොර නැව සිංගප්පූරුව හරහා මැලේසියාව පසුකරමින් මෙරටට ළඟාවෙමින් තිබෙන බවත් ඔහු පැවසුවේය.

 

මෙම පොහොර තොගය සහිත නැව ලබන සඳුදා වන විට මෙරටට ළඟාවනු ඇති බවද කී ඔහු මෙම පොහොර ගෙන ඒම පසුපස කෘෂිකර්ම අමාත්‍යාංශයේ හතරදෙනාගේ කල්ලියක් සිටින බවත් ඔවුන් සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

views

1149 Views

Comments

arrow-up