කොරෝනා මරණ 58 ක් - ආසාදිතයන් 644 ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 58ක් වාර්තාවී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කළ මෙම මරණ 58ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12964ක් ලෙසටයි.
මෙම මරණ අතර කාන්තාවන් 31ක් සහ පිරිමි පුද්ගලයන් 27ක් වනවා.
ඊයේ තහවුරු කළ මරණ අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වන්නේ නැහැ.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 10ක් තහවුරු වී ඇති අතර ඒ පිරිමි 09ක් සහ කාන්තාවන් 01ක් වශයෙන්.
අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 30ක් සහ පිරිමි 18ක් මියගිය පිරිස අතර වනවා.
කොරෝනා ආසාදිතයින් 644 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 518,021ක් දක්වා ඉහළ යනු ලබනවා.
733 Views
Comments