කොවිඩ් ආසාදනය වීමෙන් පසු එන්නත ගත්තොත් වෙන දේ ගැන හෙලිදරව්වක්!!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබීමෙන් පසු එන්නත් මාත්‍රාවක් හෝ දෙකම ලබාගත් පුද්ගලයින් පිළිබඳව විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.
ඇය සඳහන් කරන්නේ එලෙස එන්නත් ලබා ගත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය සාමාන්‍ය පුද්ගලයින්ගේ ප්‍රතිශක්තියට සාපේක්ෂව ඉතා ඉහළ ඉහළ මට්ටමක පවතින බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරිය
"ඩෙල්ටා විකෘති වෙන්නේ තව තව සීග්‍රයෙන් පැතිර ගියොත් තමයි. කොවිඩ් එන්නත් දෙකම ලබාගෙන කොවිඩ් හැදිලා හරි, කොවිඩ් හැදිලා එන්නත් ලබාගත් අය ගත්තොත්. එහෙම වුණාම ඇතිවන කොවිඩ් ප්‍රතිශක්තිය ඉතාමත්ම ඉහළයි. මහාචාර්ය සාරා ගිල්බට් පැවසුවේ කොවිඩ් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් තත්ත්වයට පත්කළ යුතු බව. ලෝකයේ සියලුම රටවල ඩෙල්ටා. අනෙකුත් ප්‍රභේද 1%ක් බවට පත්වෙලා. ප්‍රභේද වෙනස් වෙයි. ඉන්ෆ්ලුවන්සා වගේ එන්නත ලබාදෙන්න වෙයි."
source: adaderana
1491 Views
Comments