බුද්ධි අංශ සැරයන්වරයෙකු කුඩු ජාවාරමකට අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එම ඒකකයේම බුද්ධි අංශ සැරයන්වරයෙකු අත්අඩංගුට ගෙන තිබෙනවා.
ඒ පසුගියදා රාජගිරිය ප්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබාදුන් තොරතුරකට අනුවයි.
එම වැටලීමේදී 29 හැවිරිදි බොරැල්ල කාසල් වීදියේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඒ මොහොතේ ඔහු සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 7ක්ද පොලිසිය භාරයට ගැනුණා.
පසුව ඔහුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූයේ ඔහු මෙම මත්ද්‍රව්‍ය වෙනත් පුද්ගලයෙකුට ලබාගන්නා බවයි.
අත්අඩංගුවට පත් සැකකරු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය සැපයුම්කරු රාජගිරිය ප්‍රදේශයට ගෙන්වාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළ අතර එහිදී සැපයුම්කරු නිලධාරීන් දැක පලාගොස් තිබෙනවා.
එසේ පලා ගියද ඔහු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරියකු බව අනෙකුත් නිලධාරීන් විසින් හඳුනා ගැනීමත් සමග ක්‍රියාත්මක වූ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි
860 Views
Comments