හෙට (03) සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජනය අහෝසියි.

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට දිනයේ දී වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතව තිබුණි.
එහෙත් වර්ජනය සහ අදාළ චක්‍රලේඛය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් අද (02) දිනයේ සාකච්ඡාවක් ලබාදී තිබුණි. එම සාකච්ඡාව හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේශ් මහතා පැවසුවේය.
229 Views
Comments