JUL
26
චින් ගෑන්ග් ධුරයෙන් ඉවත්කර තිබෙන බව සඳහන් වෙයි

චීන විදේශ කටයුතු අමාත්‍ය චින් ගෑන්ග් ධුරයෙන් ඉවත්කර තිබෙන බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ මීට මාස 7කට පමණ පෙරදී චින් ගෑන්ග් චීනයේ විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත්කෙරුණු අතර පසුගිය ජුනි 25 වන දිනෙන් පසුව සේවයට වාර්තා කර නොමැති බවයි.
චීන මහජන කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබෙන්නේ ඒ හේතුවෙන් ඔහුව ධුරයෙන් ඉවත් කිරීමටය.
වාර්තා වන්නේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කොමියුනිස්ට් පක්ෂ විදේශ කටයුතු ප්‍රධානී වැන්ග් යී පත්කිරීමට කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානීන්ගේ හිමිව ඇති බවයි.
කෙසේ වුවද චීන ජනාධිපති ෂී ජින් පින්ග්ගේ සමීපතමයෙකු ලෙස චින් ගෑන්ග් හැදින්වෙනවා.
220 Views
Comments