මාස 11ක සිඟිතිය හා මව අතුරුදහන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

මාස 11ක සිඟිතිය හා මව අතුරුදහන්

මාස 11ක සිඟිතිය හා මව අතුරුදහන්

අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි එක්දරු මවක් සිය මාස 11ක් පමණ වයසැති සිඟිත්තිය සමඟ අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් ලැබුන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ ඥාති සොහොයුරකු පොලිස් භාරයට ගෙන ඇති අතර, කාන්තාවගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් ද නිරීක්ෂණය කළ බව පොලිසිය පවසයි.

 

 

අතුරුදන් වූ වාසනා කුමාරි වන 24 හැවිරිදි එක්දරු මව ඇගේ 11 හැවිරිදි සිඟිත්තිය ද සමග පෙරේදා (18) පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලිසියට මෙම පැමිණිල්ල කර ඇත.

 

 

ඒ අනුව, විමර්ශන ඇරඹූ පොලිස් නිලධාරින් ඊයේ දහවල් එම නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී නිවසේ ශීතකරණයේ දොරෙහි සහ නිවසේ බිම තිබූ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් පොලිසියට නිරීක්ෂණය වී ඇත.

 

 

සිද්ධිය සම්බන්ධයෙන් සිය සොහොයුරියගේ සැමියා පිළිබඳ සැකයක් පවතින බව වාසනාගේ සැමියා පැවසූ අතර පොලිසිය මේ වනවිට එම පුද්ගලයා සිය භාරයට ගෙන තිබේ.

 

 

ඔහු හිටපු හමුදා සෙබළෙකු වන බව වාර්තා වෙයි.

views

426 Views

Comments

arrow-up