සුඩාන යුද ගැටුම්වලට දවස් සියය ඉක්වමයි

සුඩාන යුද ගැටුම් ආරම්භ වී දින සියය ඉක්මවා තිබෙන බව සඳහන් වේ.
සුඩාන හමුදාවෙන් පසුගිය අප්‍රේල් මාසයේ දී වෙන්වී ගිය තවත් සන්නද්ධ කණ්ඩායමක් අතර ගැටුම් ආරම්භ වුණා.
එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ දෙපාර්ශ්වය අතර හටගත් ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 1,200කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වාර්තා වන්නේ මරණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගතහැකි බවයි.
ලක්ෂ 7ක පමණ පිරිසක් අසල්වැසි රටවලට පලාගොස් තිබෙන අතර මිලියන තුනකට අධික පිරිසක් අවතැන්ව සිටින බව වාර්තා වේ.
මේ වන තෙක් කිසිදු පාර්ශ්වයක් ජයග්‍රහනයක් අත්පත් කර ගැනීමට සමත්වී නැත.
වාර්තා වන්නේ එරට අගනගරයේ යටිතල පහසුකම් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
280 Views
Comments