සිංහල විෂයට දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් සිසු සිසුවියන්ට ලැප් ටොප් පරිගණක ලබා දෙයි

කුමාරතුංග මුනිදාස පදනමින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී සිංහල විෂයට දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් සිසු සිසුවියන් සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් ඊයේ පැවැත්වුණි.
එහිදී සෑම සිසුවෙකුටම දෙරණ මාධ්‍ය ජාලය මගින් ලැප්ටොප් පරිගණකයක් බැගින් ප්‍රදානය කෙරුණි.
ඊයේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතන පරිශ්‍රයේදී කුමාරතුංග මුනිදාස 136 වැනි උපත් සමරුව සහ කුමාරතුංග මුනිදාස සිසු වරම අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය පැවැත්විය.
මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණේ 2019 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල විෂයට දිවයිනේ ඉහළම ලකුණු ලැබූ සිසුවියන් දෙදෙනාට සහ 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල විෂයට ඉහළම ලකුණු ලැබී සිසු සිසුවියන් 05 දෙනාටය.
එමෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ඩාලිබට්ලර් ආයතනය විසින් සිසුන්ට මූල්‍ය පරිත්‍යාග ලබාදුන්නේය.
251 Views
Comments