රුසියාවේ හා චීනයේ ඉහළ නිලධාරීන් පිරිසක් උතුරු කොරියාවේ විශේෂ සංචාරයක

උතුරු කොරියාවේ විශේෂ සංචාරයකට රුසියාවේ හා චීනයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටිනවා.
මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ කොරෝනා වයිරස ව්‍යාප්තියෙන් පසුව උතුරු කොරියාවට පැමිණි පළමු විදෙස් දූත කණ්ඩායම මොවුන් බවයි.
ඔවුන් උතුරු කොරියාවේ පියොන්ග්යැන්ග් නගරයේ දී පැවැත්වීමට නියමිත කොරියා යුද්ධය අවසන් කිරීමේ 70 වන සංවත්සර සැමරුම සදහා සහභාගීවීමට නියමිත බව සඳහන් වේ. හෙට දිනයේ දී එම උත්සවය පැවැත්වෙයි.
රුසියා ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිබු රුසියා දූත කණ්ඩායමේ ප්‍රධානීත්වය හොබවන අතර ඔවුන් අද උදෑසන උතුරු කොරියාවට පැමිණියා.
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ චීන දූත පිරිස මේ වන විටත් එරටට පැමිණ සිටින බවයි.
විශ්ලේෂකයින්ගේ මතය වන්නේ මෙම රටවල් තුනේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ හමුවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි අවධානයෙන් පසුවන බවයි.
232 Views
Comments