බ්‍රසල්ස් බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් නියම වෙයි

බෙල්ජියම් අධිකරණය විසින් 2016 වසරේ බෙල්ජියමේ බ්‍රසල්ස් බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු හයදෙනෙකු මිනීමැරුම් චෝදනා යටතේ වැරදිකරුවන් කිරීමට කටයුතු සිදු කරන ලදී.
බෙල්ජියමේ ගුවන් තොටුපල හා මෙට්‍රෝ දුම්රිය ස්ථානයට 2016 වසරේ මාර්තු මාසයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර ඉන් පුද්ගලයින් තිස්දෙදෙනෙකු මියගියා.
බ්‍රසල්ස් අධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේ දින 19ක දීර්ඝ නඩු විභාගයකින් පසුවයි.
33 හැවිරිදි සලා අබ්දෙස්ලාම් මීට සම්බන්ධ සැකකරුවෙක් වන අතර ඔහුට අමතරව තවත් කිහිප දෙනෙකු වෙත බෝම්බ ප්‍රහාර එල්ල කිරීම පිළිබද චෝදනා ඉදිරිපත්ව තිබුණා.
එම චෝදනා ඉදිරිපත්ව තිබුණේ 2015 වසරේ ප්‍රංශයේ පැරිස් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 130 දෙනෙකුට ජීවිත අහිමි කිරීම පිළිබඳවයි.
242 Views
Comments