සිංගප්පුරුවේ ජීවන වියදම පෙර තිබු මට්ටම මෙන් දෙගුණයක් වෙයි

බොහෝ සිංගප්පුරු වැසියන් වැඩිවන ජීවන වියදම හේතුවෙන් මැලේසියාව හා අසල්වැසි වියට්නාමය වෙත සංක්‍රමණය වීම අරඹා ඇති බව වාර්තා වේ.
සිංගප්පුරුවේ ජීවන වියදම මේ වන විට මීට වසර කිහිපයකට පෙර තිබු මට්ටම මෙන් දෙගුණයක් වී ඇත.
පසුගිය වසරේ පමණක් ජීවන වියදමේ වැඩි වීම 22%ක් ඇතැම් පිරිස් සිංගප්පුරුවට පැමිණි කාලයේ දෛනික ප්‍රවාහන ගාස්තු ලෙස ඩොලර් 14ක් වියදම් කළ අතර මේ වන විට එය ඩොලර් 25 / 26 මට්ටම දක්වා වැඩි වී ඇති බව සඳහන් වේ.
ඒ හේතුවෙන් ජීවත් වීමට සුදුසු ක්වාලාලම්පූර් හා හෝචිමින් නගර වෙත බොහෝ පිරිසක් සංක්‍රමණය වීම දැකගත හැකි බව වාර්තා වේ.
මෙම තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් වැඩිවිය හැකි බව තවදුරටත් වාර්තා වේ.
240 Views
Comments