ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල පහළ දැමීමේ තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල පහළ දැමීමේ තීරණයක්

ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල පහළ දැමීමේ තීරණයක්

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රධානත්වයෙන්  අද (30) දින මුදල් අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදි රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිම තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.

 

 

ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි බලගැන්වීම සඳහා වන යෝජනා රැසක් සම්බන්ධයෙන් මෙහි දී විශේෂයෙන් ම සාකච්ඡා කල බවයි වාර්තා වී ඇත.

 

 

අමාත්‍යවරයා මෙහි දි සඳහන් කර තිබෙන්නේ ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස ඇති බවත්, ඊට ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බවයි.

 

 

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ විවෘත ආර්ථිකය යටතේ මිල අඩුවීමේ ඉබේ සිදු වීමට ඉඩ නොතබා අවශ්‍ය මැදිහත්වීම් සිදු කළ යුතු බවයි.

 

 

සියඹලාපිටිය මහතා කියා සිටියේ මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදු වන්නේ ඉතා මන්දගාමීව වන අතර ඒ සඳහා අවශ්‍ය සහය ලබා දීමට රජය සූදානම් බවයි.

 

 

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බවයි.

 

views

241 Views

Comments

arrow-up