කාංචන හදිසියේම CID ගියේ ඇයි

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලමොන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට අද පැමිණිලි කොට තිබෙනවා.
ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය, ටෙන්ඩර් ඇගයීම, ඇණවුම් ලබා නොදීම, සැපයුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය, ගෙවීම් ප්‍රමාදය, බෙදා හැරීමේ අක්‍රමිකතා සහ විවිධ පාර්ශයවන් මේ සම්බන්ධයෙන් සිදු කළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලමින් අමාත්‍යවරයා මෙම පැමිණිල්ල සිදු කොට ඇති බවයි සදහන් වන්නේ.
අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයකින්ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.
325 Views
Comments