අලු‍ත්ගම මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවා අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

අලු‍ත්ගම මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවා අතුරුදන්

අලු‍ත්ගම මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවා අතුරුදන්

අලු‍ත්ගම, මොරගල්ල මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනකුගෙන් එක් සිසුවෙකු අතුරුදහන් වී ඇතැයි අලූත්ගම පොලිසිය කියයි.

 

කළුතර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් හතරදෙනෙකු මෙලෙස මොරගල්ල මුහුදේ නෑමට ගිය අවස්ථාවේදී ඔවුන් ගසාගෙන ගොස් ඇති අතර අසල සංචාරක හෝටලයක ජිවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින් තිදෙනකුගේ දිවි බේරාගෙන රෝහල්ගත කර තිබේ.

 

අළුත්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙකු අතුරුදහන් වී ඇති අතර ඔහුගේ සිරුර සෙවීමේ කටයුතු නාවික හමුදාවේද උදව් ඇතිව සිදු කරන බව අලූත්ගම පොලිසිය පවසයි.

views

753 Views

Comments

arrow-up