ප්‍රේමය වැරදි සිසුවියට පිහියෙන් ඇන්න සැකකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

ප්‍රේමය වැරදි සිසුවියට පිහියෙන් ඇන්න සැකකරු අත්අඩංගුවට

ප්‍රේමය වැරදි සිසුවියට පිහියෙන් ඇන්න සැකකරු අත්අඩංගුවට

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියකට පිහියකින් ඇන තුවාල සිදුකළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සැකකරු සතුව තිබී පහර දීමට යොදා ගත්  පිහිය සහ සිසුවියගේ පැහැර ගත් ජංගම දුරකථනය හමුවී තිබෙනවා.

 

මෙලෙස ඇයට පිහියකින් පහර දීමට හේතුව ඇය සමඟ තිබූ ප්‍රේම සම්බන්ධතාවයක් කඩවීම බවයි වාර්තා වන්නේ.

 

මෙම සිසුවිය විභාගයක් සඳහා ලබුදූව උසස් තාක්ෂණ ආයතනය වෙත පැමිණි අවස්ථාවේ සැකකරු මෙලෙස පිහි ඇනුම සිදුකර තිබෙනවා.

 

සිද්ධියෙන් තුවාල ලද සිසුවිය  කරාපිටිය රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

views

723 Views

Comments

arrow-up