උපන්දින තෑග්ග දෙන්න කියා නිවසට රැගෙන ගොස් 15 හැවිරිදි දැරිය දූෂණය කල තරුණයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

උපන්දින තෑග්ග දෙන්න කියා නිවසට රැගෙන ගොස් 15 හැවිරිදි දැරිය දූෂණය කල තරුණයා අත්අඩංගුවට

උපන්දින තෑග්ග දෙන්න කියා නිවසට රැගෙන ගොස් 15 හැවිරිදි දැරිය දූෂණය කල තරුණයා අත්අඩංගුවට

පහළොස් හැවිරිදි බාල වයස්කාර තරුණියකට උපන් දිනයට ත්‍යාගයක් දීමට බව පවසා ඇයව තම නිවසට ගෙන ගොස් ඇයට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ 24 හැවිරිදි තරුණයෙක් බියගම පොලිසිය විසින් පෙරේදා(18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

 

දැරියගේ මව එවකට විදේශ රැකියාවකට ගොස් සිටි අවස්ථාවේදී මෙම තරුණිය හා ඇයගේ බාල සොහොයුරා සිය මිත්තණියගේ නිවසේ සිටියදී ඇය මෙම අතවරයට ලක්ව ඇත.

 

පසුගිය 2019 වසරේ මාර්තු 31 වැනිදා මෙම තරුණිය දහම් පාසල් ගොස් ආපසු නිවසට එමින් සිටිනයදී එම තරුණයා ඇයගේ උපන් දිනයට තෑග්ගක් දීමට බවට පවසා ඔහුගේ නිවසට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇතැයි වාර්තාවේ.

 

ඉන් පසු අවස්ථා ගණනාවකදීම මෙම බාල වයස්කාර තරුණිය එම තරුණයා සමඟ අඹු සැමියන් සේ හැසිරී ඇති අතර පසුගිය 15 වැනිදා අලූයම ඇය විසින් නිවසේ තිබූ ජංගම දුරකථනයකින් එම තරුණයාට ඇමතුමක් ලබාගත් බවට නිවැසියන්ට දැන ගැනීමට ලැබීමත් සමඟ මෙම සිදුවීම අනාවරණය කර ගැනීමට පවුලේ අයට හැකිවී ඇත.

 

එම තරුණයා සහ තරුණිය ගම්පහ රජයේ මූලික රෝහලට ඇතුළත් කොට වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ.

 

බියගම පොලිසිය සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

4712 Views

Comments

arrow-up