දේශපාලකයන්ට “හූ” කියන අය සෙවීමට බුද්ධි අංශ යොදවයි

රජයේ ප්‍රභූවරුන්ට මහ මඟදී හා ප්‍රභූවරුන් සහභාගිවන රැස්වීම් වලදී හූ කියන පුද්ගලයින් ගැන තොරතුරු සොයා බැලීමේ වගකීම බුද්ධි අංශයට භාරදී ඇත.
ඒ අනුව යම් දේශපාලන ප්‍රභූවරයෙක් සහභාගිවන රැස්වීමකදී “හූ” තැබීමේ සූදානමක් තිබේනම් ඒ බවට තොරතුරු කල්තියා දැනුම් දෙන ලෙස උසස් නිලධාරීන් විසින් බිම් මට්ටමේ සිට තොරතුරු රැස්කරන බුද්ධි නිලධාරීන්ට දැනුම් දී තිබේ.
එලෙස කල්තියා තොරතුරු ලබාදීමට සමත් නොවුනොත් බුද්ධි අංශ ලැජ්ජාවට පත්වන බවත් ජනාධිපතිවරයා බුද්ධි අංශ කෙරහි තබා ඇති විශ්වාසය පලුදු වීමට ඉඩ ඇති බවත් එම දැනුම් දීමේ සදහන් වන බව බුද්ධි අංශ තොරතුරුම අනාවරණය කර ඇත.
හූ කියන පුද්ගලයින්ගේ දේශපාලන වටපිටාව පවා රැස්කරන ලෙස වැඩිදුරටත් එමගින් දැනුම්දී ඇත.
උපුටා ගැනීම : ලංකාසාර
850 Views
Comments