ජනපති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

ජනපති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී

ජනපති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සවස් භාගයේ මල්වතු සහ අස්ගිරි පාර්ශවවල මහා නායක හිමිවරුන් බැහැ දැකීමට ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනවා.

 

පළමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු මහා විහාරයට ගොස් මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක නව වසර සදහා ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

 

එම අවස්ථාවේදී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික ස්ථාන වල ආරක්ෂාව සහ සංරක්ෂණය පිළිබඳව ජනාධිපතිවරයා සහ මහනාහිමි අතර සාකච්ඡා වී තිබෙනවා.

 

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

 

පසුව ජනාධිපතිවරයා ගෙඩිගේ රජමහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අති පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන් ද බැහැ දැක ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

views

730 Views

Comments

arrow-up