“දුම්රිය ගාස්තු වැඩි කරන්නේ නැහැ” - ප්‍රවාහන ඇමති දිලු‍ම් අමුණුගම
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

“දුම්රිය ගාස්තු වැඩි කරන්නේ නැහැ” - ප්‍රවාහන ඇමති දිලු‍ම් අමුණුගම

“දුම්රිය ගාස්තු වැඩි කරන්නේ නැහැ” - ප්‍රවාහන ඇමති දිලු‍ම් අමුණුගම

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළත් මේ මොහොතේ කිසි ලෙසකින්වත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම මහතා පැවැසීය.

 

බඩු මිල ඉහළ ගොස් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින අවස්ථාවකදී හදිසියේම දුම්රිය  ගාස්තු සංශෝධනයක්  සිදුකළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.

 

ඉන්ධන ගාස්තු ඉහළ යාම නිසා බස් ගාස්තු වැඩි කරන ලෙස බස් සංගම් කළ ඉල්ලීම හේතුවෙන් 17% කින් බස් ගාස්තු වැඩි කිරීමට සිදුවුවත් කිසිදු හේතුවක් මත දුම්රිය ගාස්තු වැඩි කිරීමට පියවර නොගන්නා බව අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේය.

views

692 Views

Comments

arrow-up