ඔන්ලයින් පෙම 15 හැවිරිදි දැරියට දිවි අහිමි කරයි - කෙටි පණිවිඩ රැසකින් පසු ළිඳට පැන සියදිවි නසාගෙන

කරුවලගස්වැව, සියඹලෑව ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියකගේ මළසිරුර තම නිවසේ ළිඳෙහි තිබි සොයා ගැනුණු බව කරුවලගස්වැව පොලිසිය කියයි.
එම දැරිය කරුවලගස්වැව ඩි. එස්. සේනානායක විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියකි.
දැරියගේ මව කුලි වැඩ කරමින් උපයා ගත් මුදලින් ඇගේ අධ්‍යාපනය සඳහා ජංගම දුරකථනයක් ලබාදී ඇතැයි පොලිසිය කියයි.
මේ වන විට සිදුකල පොලිස් පරික්ෂණ වලින් සනාථ වී තිබෙන්නේ සියදිවි නසා ගත් දැරිය එම දුරකථනයෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙකු සමඟ රහසේ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි.
එම තරුණයා සමඟ මෙම දැරිය පසුගිය 28 වන දින රාත්‍රියේ හා 29 දින අලුයම කෙටි පණිවිඩ හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පසු කිසියම් කරුණක් සම්බන්ධයෙන් සිත් තැවුලට පත්ව ඇති බවත් පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇතැයි පොලිසිය පවසයි.
1649 Views
Comments