“කේවට්ටයින් නිසා රට ගෙනියන්න බෑ” - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

“කේවට්ටයින් නිසා රට ගෙනියන්න බෑ” - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

“කේවට්ටයින් නිසා රට ගෙනියන්න බෑ” - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ආණ්ඩුව තුල පොඩි පොඩි ප්‍රශ්න තිබෙන බවත් ජනපති වටා සිටින කේවට්ටයින් හේතුවෙන් අද රට ගෙන යා නොහැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති සහ නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.

 

එක කේවට්ටයෙකු නම් ඉවත්වූ බවත් උන්වහන්සේ පැවසූහ.

 

ආනන්ද හිමියන් මෙසේ සඳහන් කළේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍යවලට අදහස් පල කරමිනි.

 

පොහොර සම්බන්ධයෙන් එක කේවට්ටයකු ලබාදුන් උපදෙස් නිසා ජනතාවට අද මුළු රටම එපා වී තිබෙන බව පැවසූ ආනන්ද හිමියෝ ඩොලර් පසුපස නොයා මේ අය එහා මෙහා කළොත් සියලු‍ ප්‍රශ්න විසඳිය හැකි බවත් පැවසූහ.

 

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ධූරයෙන් ඉවත්වීමට යන බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යය බවත් උන්වහන්සේ කියා සිටියහ.

 

“එතුමා යනවනම් අපිට කියලයි යන්නේ” යැයි ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

views

760 Views

Comments

arrow-up