“ආණ්ඩුවේ විශාල පිරිසක් එක්වර විපක්‍ෂයට.. ආණ්ඩුවේ 50ක්වත් ඉතිරි වෙන්නේ නෑ”
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

“ආණ්ඩුවේ විශාල පිරිසක් එක්වර විපක්‍ෂයට.. ආණ්ඩුවේ 50ක්වත් ඉතිරි වෙන්නේ නෑ”

“ආණ්ඩුවේ විශාල පිරිසක් එක්වර විපක්‍ෂයට.. ආණ්ඩුවේ 50ක්වත් ඉතිරි වෙන්නේ නෑ”

නව දේශපාලන බලවේගයක් නිර්මාණයකර ආණ්ඩු බලයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමඟ සාකච්ඡා කරමින් සිටින බව සමගි ජන බලවේග කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

 

ඔහු වැඩි දුරටත් පවසා සිටියේ 2022 වසර තුළදී සමගි ජන බලවේගය ඇතුළු තවත් පාර්ශව රැසක එකතුවකින් ආණ්ඩුවේ පිරිසගේද සහය ඇතිව නව ආණ්ඩුවක් නිර්මාණය කරන බවයි.

 

එහිදී විපක්ෂය සමඟ මේවන විට සාකච්ඡා කරමින් සිටින ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිළිබඳව කිසිවක් හෙළි කර නොහැකි බවද පැවසූ නලින් බණ්ඩාර මහතා ආණ්ඩුවේ පිරිසක් ඉදිරියේදී විපක්ෂය සමඟ හිටිහැටියේ එකවර එකතුවීමට නියමිත බවත් පවසයි.

 

සුසිල් ප්‍රේමජයන්ත් වැනි වංචා දූෂණ වලින් තොර සුපිරිසුදු නායකයෙකු සමගි ජන බලවේගය සමඟ එකතුකර ගැනීමට එම බලවේගය කැමැත්තෙන් පසුවන බවත් නලීන් බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

 

ඒ අනුව ඉදිරියේදී සමගි ජන බලවේගය සමඟ හෝ ආණ්ඩුවට විරුද්ධව ගොඩනගන බලවේගය සමග සුසිල් ප්‍රේමජයන්ත් මහතාට එක්වන ලෙස තමන් ආරාධනා කර සිටින බව ඒ මහතා සඳහන් කරයි.

 

ඔහු මෙම අදහස් පල කලේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

views

1662 Views

Comments

arrow-up