බිරිඳ ඉදිරිපිටදීම පොලුවලින් ගසා පස්දරු පියා මරා දමයි - සැකකරුවන් 06ක් සොයා පොලිස් පරික්ෂණ

තම බිරිඳ ඉදිරිපිටදීම පොලූවලින් හිසට පහර දී පස්දරු පියෙකුවන සැමියෙකු මරා දමා ප්‍රදේශයෙන් පලා ගිය සැකකරුවන් හයදෙනකු සොයා පරීක්ෂණ සිදුකෙරන බව කළුතර උතුර කියයි.
ගල්පාත, කුඩාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. ඒ. ශාන්ත නැමැති 55 හැවිරිදි අයගේ ඝාතනය සම්බන්ධයෙන්, ඔහුගේ බිරිඳවන රංජනී එදුත්සූරිය යන අය කරන ලද පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එම්. ඒ. ශාන්ත යන අයගේ හිසට පොලූ පහර එල්ල වීමෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (18) රාත්‍රි මියගොස් තිබේ.
තම සැමියා පෙර දින ගල්පාත, බරුවපොළ ප්‍රදේශයේ කොටහලූ උත්සවයකට සහභාගි වී නැවත නිවසට පැමිණ සිටියදී රාත‍්‍රී 11ත් 12ත් අතර කාලයේ නිවසට පැමිණි පිරිසක් තමා ඉදිරියේම ඔහුගේ හිසට අමානුෂික ලෙස පහරදුන් බවත්, පහර දෙන අවස්ථාවේ අයෙකු ඔහුගේ ගෙල මිරිකා සිටි බවත් බිරිඳගේ ප්‍රකාශයෙන් තහවුරු කරගෙන ඇතැයි පොලිසිය පවසයි.
පැමිණිල්ලේ සැකකරුවන් හයදෙනකුගේ නම් සඳහන් කර ඇති බවත්, ඔවුන් මේ වනවිටත් ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බවත් පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.
1430 Views
Comments