රාජකාරි වෙලාවේ පාසැල් සිසුවියන්ට නිරුවත පෙන්වූ කොස්තාපල් මාට්ටු

පානදුර ප්‍රදේශයේ ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ(12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
සිසුවියන් දෙදෙනකු පාසලට එමින් සිටියදී මෝටර් රථයක සිටි අයෙකු ඇඳසිටි කලිසම පහත් කර ඔවුන්ට නිරුවත පෙන්වා ඇති බවට විදුහල්පතිනිය විසින් ලබාදුන් තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදේශයේ සීසීටීවී පරික්ෂා කිරීමෙන් පසුව අදාළ මෝටර් රථය පිළිබඳ සොයා බැලීමේදී එය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරීවරියගේ නිළ රථය බවට හඳුනාගෙන තිබේ.
අදාල රථයේ රියදුරු වන මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
1075 Views
Comments