තම පාසලේ ශිෂ්‍යාව කෙළෙසූ ගුරුවරයා රිමාන්ඩ්

මුලතිව් පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ බව කියන පාසල් ගුරුවරයෙකු මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසටත් අදාල ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කොට වාර්තාවක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරණ ලෙසත් මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සරවනරාජා මහතා පොලීසියට නියෝග කර ඇත.
මෙලෙස ලිංගික අතවරයට ගොදුරු වී තිබෙන පාසල් ශිෂ්‍යාව ලිංගික අතවරයට පත්ව ඇත්තේ ඇය ඉගෙනුම ලබන පාසලේම ගුරුවරයෙකුගෙනි.
ශිෂ්‍යාව ඒ පිළිබඳව තම පන්තිභාර ගුරුවරියට පැවසීමෙන් පසුව ශිෂ්‍යාවගේ දෙමව්පියන් කැඳවා මේ සම්බන්ධයෙන් මුලතිව් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් අදාල ගුරුවරයා ඊයේ(05) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.
1245 Views
Comments