DEC
30
තවත් ඛේදවාචකයක් - සීෂෙල්ස්හිදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කෙරේ

සීෂෙල්ස්හිදී ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ඝාතනය වී ඇති බවට වාර්තා වනවා.
මෙලෙස ඝාතනය වී ඇත්තේ සීෂෙල්ස් ලාඩිගු දූපතේ ඉදිකිරීම් සමාගමක සේවය කළ 47 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සිය නිවස තුළදී පසුගිය දෙසැම්බර් 10 දා ඝාතනය කර තිබෙනවා.
දින කිහිපයක් තුළ ඔහු සේවයට පවත්වා නොකිරීම පිළිබඳව සොයාබැලීමේදී ඔහුගේ කාමරය තුළ තිබූ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මරණ පරීක්ෂණයෙන් හඳුනාගෙන ඇත්තේ ඔහුගේ ගෙළ සිරවීමෙන් මරණය සිදුවී ඇති බවයි .
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවකු මේ දක්වා හඳුනාගෙන නොමැත.
960 Views
Comments