මම ඉන්නෙ දැඩි ආතතියෙන් - කබ්රාල්

කවුරු මොන යෝජනා ඉදිරිපත් කළ ද ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ මොහොතේ යාම ලොකු අවදානමක් බවත් රටේ ආර්ථික ප්‍රශ්නය මූල්‍ය අරමුදලට නොගොස් කළමනාකරණය කරගත හැකි බවත් ඔහු පැවසීය.
මේ මොහොතේ මුල්‍ය අරමුදල වෙත ගිය හොත් පොලී අනුපාත වැඩිකිරීම, රුපියල පාවෙන්න ඉඩ දීම, රටේ සම්පත් විකිණීම, වැටුප් කප්පාදුව ආදී කොන්දේසි ඉදිරිපත් කරනු ඇති බවත් ඔහු පැවසීය.
ඇතිව තිබෙන තත්ත්වය හමුවේ තමාට ආතතියක් ඇති බවද පැවසූ ඒ මහතා තමන් එම ආතතිය සතුටු සිතින් විඳ දරා ගන්නා බවද කියා සිටියේය.
1054 Views
Comments