ඉවත්වන්න සූදානමින් ඉන්නැයි ඇමති දෙකකගේ කාර්ය මණ්ඩලවලට දැනුම්දීමක්

තමන්ගේ ද ඇමැතිධුරයන් ඇතැම්විට ඉවත් කිරීමට ඉඩක් ඇති බව කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු තම පෞද්ගලික කාර්ය මණ්ඩලවල කිහිපදෙනෙකුට පවසා තිබේ.
එම නිසා ඒ සඳහා අවශ්‍ය ඕනෑම වේලාවක සූදානමින් සිටින ලෙසටද ඔහු විසින් පවසා ඇත.
අවශ්‍ය වුවහොත් මාධ්‍ය කැඳවීමකටත්, පුද්ගලික භාණ්ඩ ඉවත් කර ගැනීමටත් සූදානමින් සිටින්නැයිද උපදෙස් ලැබී ඇතැයි වාර්තාවේ.
සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය ඇතිවී තිබෙන අතර ඉන් නව පාර්ලිමේන්තු සැසිය ආරම්භයට පෙර කැබිනට් සංශෝධනයක් සිදු වනු ඇති බවත් ඔවුන් පවසා ඇත.
988 Views
Comments