ආණ්ඩුව ටි‍්‍රලියන 03ක මුදල් අලුතින් අච්චු ගහලා - මුද්‍රණ වියදම කෝටි 3000යි

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව රුපියල් කෝටි තුන්ලක්‍ෂයක (ටි‍්‍රලියන 3) පමණ මුදල් ප්‍රමාණයක් අලූතින් අච්චු ගසා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මේ ආකාරයට අලූතින් මුදල් අච්චු ගැසීම හේතුවෙන් රටේ උද්ධමනය ඉහළ ගොස් ඇතැයිද මුදල් අච්චු ගසන බිගයම පිහිටි එංගලන්ත සමාගමට මුද්‍රණ වියදම් ලෙස රුපියල් කෝටි 3000ක පමණ මුදලක් ගෙවීමට සිදුවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
ආරක්‍ෂිත ක්‍රමවේදවලට අනුව මෙම මුදල් අච්චු ගසන බවත් නෝට්ටු අච්චු ගැසීමේදී ගෙවිය යුතු මුද්‍රණ වියදම්වලට වඩා කාසි මුද්‍රණයේදී වැඩිපුර මුදලක් ගෙවිය යුතු බවත් වාර්තාවේ.
මුදල් අච්චු ගැසීමේ එංගලන්ත සමාගමට ගෙවිය යුතු මුදල් ඩොලර්වලින් ගෙවිය යුතුව ඇතැයිද එම ආරංචි මාර්ග සනාථ කළේය.
බියගම පිහිටි මෙම මුදල් අච්චු ගසන “තෝමස් ඩිලාරු” මුද්‍රණ ආයතනය මගින් මෙතරම් මුදල් ප්‍රමාණයක් අච්චු ගසා ඇතත් මහ බැංකුවේ බොහෝ නිලධාරීන්ට එම තොරතුරු වසන්කර ඇතැයි මහ බැංකු විශේෂ නිලධාරියෙක්ගෙන් කළ විමසීමේදී හෙතෙම පැවසීය.
831 Views
Comments