වැඩිහිටි කන්දේදී රෝගීවූ සබරගමු සරසවි සිසුවා මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

වැඩිහිටි කන්දේදී රෝගීවූ සබරගමු සරසවි සිසුවා මරුට

වැඩිහිටි කන්දේදී රෝගීවූ සබරගමු සරසවි සිසුවා මරුට

කතරගම වැඩිහිටිකන්ද වැඳපුදා ගැනීමට පැමිණි සබරගමුව විශ්ව විද්‍යාලයෙහි තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් පිරිසකගෙන් එක් සිසුවෙකු වැඩිහිටි කන්ද උඩ මළුවේදී හදිසියේ රෝගාතුර වී කතරගම රෝහලට රැගෙන යන අතරතුර මිය ගොස් තිබේ.

 

මෙලෙස මිය ගොස් තිබෙන්නේ අම්බලන්ගොඩ උස්මුදුලාව, 55 කණුව යන ලිපිනයෙහි පදිංචිව සිටි අරුමානන්ද සාලිත දිල්ෂාන් කුමාර නමැති 28 හැවිරිදි සිසුවෙකි.

 

මිය ගිය අය ඇතුළු සිසු සිසුවියන් 19 දෙනකු පසුගිය 25 වනදා කතරගම පැමිණ වැඩිහිටිකන්ද වැඳපුදා ගැනීමට පාගමනින් කන්ද නගිමින් සිටියදී උඩමළුව ආසන්නයේදී ඔහු හදිසියේ අසනීප වී තිබේ. 

 

අනතුරුව සෙසු පිරිස සමඟ ඔහු උඩ මළුවට ගොස් තිබේ. එහිදී ඔහුගේ රෝගි තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් උඩ මළුවේ සිට කැබ් රථයකින් පහළ ම`ඵවට රැගෙනවිත් ඇත.

 

අනතුරුව 1990 ගිලන් රථයකින් කතරගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඔහු මියගොස් සිට තිබේ.

 

සිසුවාගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

views

879 Views

Comments

arrow-up