ණය ගෙවා ගන්න බෑ - සියදිවි නසාගන්න අවසර ඉල්ලා ජනපතිට ලිපියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

ණය ගෙවා ගන්න බෑ - සියදිවි නසාගන්න අවසර ඉල්ලා ජනපතිට ලිපියක්

ණය ගෙවා ගන්න බෑ - සියදිවි නසාගන්න අවසර ඉල්ලා ජනපතිට ලිපියක්

B.A.W. අබේරත්න නැමති නීතිඥයෙකු විසින් සිය දිවි නසා නසාගැනීමට අවසර ඉල්ලා ජනාධිපතිවරයා සහ කතානායක වරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර තිබෙනවා.

 

ඔහු සේවය කරමින් සිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් ජනතා මුදලින් අධ්‍යාපනය ලබා ගැනීමේ ණය ආපසු ගෙවීමට නොහැකි නිසා මෙලෙස සිය දිවි නසා ගැනීමට තීරණය කළ බව ඔහුගේ ලිපියේ සදහන්.

 

තමා හෝඩියේ සිට උසස්පෙළ දක්වාත්, ඉන්පසුව පේරාදෙනිය සහ කොළඹ විශ්වවිද්‍යාලවලත් ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබා ඇති හෙයින් තමා මෙරට ජනතාවට බරපතළ ලෙස ණය බව එම ලිපියෙහි සඳහන්ව තිබෙනවා.

 

 

views

822 Views

Comments

arrow-up