සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවස වටලයි - කාන්තාවන් 10ක් අත්අඩංගුවට

දෙහිවල ඇල්ෆඩ් හවුස් ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා මඩමේ කාන්තාවන් රුපියල් පන්දහසක මුදලකට අලෙවි කළ ගණිකා මඩමේ කළමනාකාරිය ඇතුළු එහි රැඳී සිටි කාන්තාවන් දසදෙනකු පසුගිය 24 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
කළමනාකාරිණිය වයස අවුරුදු 60ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මුදලට අලෙවි වූ කාන්තාවන් 27, 32, 33, 41, 42, 52 යන වයස්වල පසුවන ඕපනායක, ගොකරැල්ල, අත්තිඩිය, කැලණිය, පිලියන්දල, මහනුවර සහ මාතර යන ප්‍රදේශවල පදිංචි විවාහක කාන්තාවන් බව පොලිසිය පවසයි.
ගණිකා නිවස පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ල මසකට රුපියල් ලක්ෂ තුනහමාරක කුලී පදනමක් මත ලබාගෙන ඇතැයි තොරතුරු අනාවරණයවී ඇත.
745 Views
Comments