DEC
13
බිත්තියට යටවී අවසන් ගමන් ගිය හමුදා සෙබළා

දියතලාව යුද හමුදා විද්‍යාපීඨය තුළ තිබු බිත්තියකට යටවීමෙන් හමුදා සෙබලෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙම හමුදා සෙබලා ඊයේ(12) පස්වරුවේ එහි පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා ඉවත් කිරීමට යාමේදී එය කඩා වැටීමෙන් අනතුරක් සිදුව ඇත.
එම සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු දියතලාව රෝහලෙන් බදුල්ල රෝහලට මාරුකර යවා ඇති අතර බදුල්ල රෝහලේදී මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ මඩොල්සීම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි යුධ හමුදා සෙබළෙකි.
711 Views
Comments