“විරෝධතාවයක් කරනවනම් මීට වඩා ඉන්න ඕන” - අගමැති සජබට දුන් උපදෙස
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

“විරෝධතාවයක් කරනවනම් මීට වඩා ඉන්න ඕන” - අගමැති සජබට දුන් උපදෙස

“විරෝධතාවයක් කරනවනම් මීට වඩා ඉන්න ඕන” - අගමැති සජබට දුන් උපදෙස

පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හමුවීමට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(06) පෙරවරුවේ ඔවුන් සමඟ සුහඳ කතාබහක නිරත විය.


 
විරෝධතාවයක් සංවිධානය කිරීමේදී මීට වඩා වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී කර ගත යුතු යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පැවසූ බව අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.


 
ඉතිහාසයේ තමන් සමඟ දේශපාලන සටන් වලට එකතුවූ මන්ත්‍රීවරුන් දෙස බැලූ අගමැතිවරයා අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය ඔවුන් සමඟ සිහිපත් කරමින් එතැනින් නික්ම ගොස් තිබේ.


 
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකාර්, පාඨලී චම්පික රණවක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස අග්‍රාමාත්‍යතුමා සමඟ සුහඳ කතාබහක නිරත විය.

views

805 Views

Comments

arrow-up