විවාහ වී වසර 27යි - ඉන්දීය ව්‍යාපාරිකයා බිරිඳට ටජ් මහලක් තෑගි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

විවාහ වී වසර 27යි - ඉන්දීය ව්‍යාපාරිකයා බිරිඳට ටජ් මහලක් තෑගි කරයි

විවාහ වී වසර 27යි - ඉන්දීය ව්‍යාපාරිකයා බිරිඳට ටජ් මහලක් තෑගි කරයි

ආදරයේ සංකේතයක් ලෙස ලොව ප්‍රසිද්ධ ”‍ටජ් මහල්”‍ ප්‍රාසාදයේ ආකෘතිය අනුව ඉදිකෙරුණු සුවිසල් නිවසක් ඉන්දීය ව්‍යාපාරිකයෙකු විසින් තම බිරිඳට තෑගි කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

 

52 හැවිරිදි ඉන්දීය ව්‍යාපාරික ආනන්ද් ප්‍රකාෂ් චෞක්සි විසින් සිය බිරිඳ වන මන්ජුශා සඳහා මෙම නිවස තෑගි කර තිබේ.

 

ඔවුන් දෙදෙනා විවාහවී ඇත්තේ මීට වසර 27කට පෙරයි.

 

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බුර්හාන්පූර් නගරයේ මෙම නිවස ඉදිකර ඇති අතර ඔහු එය නම් කර ඇත්තේ ”‍ආදරයේ ස්මාරකය”‍ ලෙසයි.

 

මෙම නිවස සාදා නිම කිරීමට ඔහු ඉන්දීය රුපියල් මිලියන 20ක් (අමෙරිකානු ඩොලර් 260,000) වැය කර ඇත. 

 

මෙම නිවසේ නිදන කාමර 4ක්, මුළුතැන්ගෙයක්, පුස්තකාලයක් සහ භාවනා කිරීම සඳහා වෙන් වු තවත් කාමරයකින් යුත්ත වේ.

 

මෙය සාදා නිම කිරීම සඳහා වසර 3ක් ගතවූ බව ආනන්ද ප්‍රකාෂ් චෞක්සි පවසයි.

views

899 Views

Comments

arrow-up