ට්‍රැක්ටරයෙන් වැටුණු පුංචි සිඟිත්තා ගමක් හඬවා අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

ට්‍රැක්ටරයෙන් වැටුණු පුංචි සිඟිත්තා ගමක් හඬවා අවසන් ගමන් යයි

ට්‍රැක්ටරයෙන් වැටුණු පුංචි සිඟිත්තා ගමක් හඬවා අවසන් ගමන් යයි

ගෙවත්තක බිම් සකස් කරමින් තිබූ ට්‍රැක්ටරයකින් වැටී වයස අවුරුදු පහක කුඩා දරුවෙකු මියගොස් ඇත.

 

පෙරේදා (21) සවස වව්නියාව, පාලමොටෙයි ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබේ.

 

පොලීසිය සඳහන් කළේ දරුවාගේ මාමා සමඟ ට්‍රැක්ටරයේ නැඟී ගමන් කරමින් සිටි අවස්ථාවේදී අනතුර සිදුව ඇති බවයි.

 

දරුවා ට්‍රැක්ටරයෙන් බිමට වැටී එහි නඟු‍ලට හසුවීමෙන් කැපුම් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබුණි.

 

වව්නියාව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ දරුවා රෝහල්ගත කරන අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.

 

 අනතුරින් වව්නියාව, පාලමොටෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 05ක් වයසැති කේ. කනිසන් නැමැති දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

වව්නියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

views

702 Views

Comments

arrow-up