වායු දූෂණය ඉහළට: දිල්ලිය ලොක්ඩවුන් - ලංකාවටත් බලපෑම්..?

දිල්ලි ප්‍රාන්ත බලධාරීහු තීරණය කර ඇත්තේ වායු දූෂණය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර 'ලොක්ඩවුන්' කිරීමටයි.
වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් ලොව නගරයක් 'ලොක්ඩවුන්' කළ පළමු අවස්ථාව මෙය යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නවදිල්ලි අගනුවර පාසල් වසා දැමීමට ප්‍රාන්ත රජය සහ නගර බලධාරීන් ඒකමතිකව තීරණය කළේ පසුගිය සෙනසුරාදා (13) ය.
වසා දැමුණු පාසල් යළි විවෘත කිරීම සිදුවනු ඇත්තේ වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ කාලගුණ විද්‍යාඥයන් ලබා දෙන දත්ත පාදක කර ගනිමින් යැයි දිල්ලි මහ ඇමැති අරවින්ජ් කෙජ්රිවාල් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.
මෙමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බවයි වාර්තා වන්නේ.
777 Views
Comments