මහ බැංකුවෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරෙන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවයි.
මෙම ප්‍රචාරයන් පෞද්ගලික වුවමනාවන් සහිත පාර්ශව විසින් පතුරුවා හරිනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කර සිටී.
රජය විසින් ඩොලරයකට ගෙවනු ලබන අතිරේක රුපියල් දෙකක දිරිගැන්වීම යටතේ, ශ්‍රී ලංකා රුපියල්වලට ස්වෙච්ඡාවෙන් පරිවර්තනය කරනු ලබන විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් සියයට 10ක් 2021 මැයි 28 දින සිට බලපත්‍රලාභී බැංකු විසින් මහ බැංකුවට විකුණනු ඇතැයි අපේක්ෂා කරයි.
701 Views
Comments