අතුරුදන් වූ චීන භූ විද්‍යා පරීක්ෂකවරුන් සිව්දෙනා ජීවිතක්ෂයට

අතුරුදන් ව සිටි චීනයේ භූ විද්‍යා පරීක්ෂකවරුන් සිව්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
යුනාන් ප්‍රදේශයේ සමීක්ෂණයක් සඳහා සහභාගී වූ එම භූ විද්‍යා පරීක්ෂකවරුන් පසුගියදා අතුරුදන් ව ඇති බවට වාර්තා විය.
කෙසේ වෙතත් අතුරුදන් භූ විද්‍යා පරීක්ෂකවරුන් සොයා එරට බලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය.
ඒ සදහා හෙලිකොප්ටර් යානා 10ක්, ඩ්‍රෝන යානා මෙන්ම මුදා ගැනීමේ මෙහෙයුම් සදහා 8000ක පිරිසක් ද යොදවනු ලැබීය.
එහිදී අනාවරණ වී ඇත්තේ යුනාන් කඳුකර ප්‍රදේශයකදී මෙම භූ විද්‍යා පරීක්ෂකවරුන් සිව්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
718 Views
Comments