හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග එජාපයට සමුදෙයි

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.
ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු බවත් එය බාරගත් බවත් පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව ආමන්ත්‍රණය කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය ලියා ඇති හිටපු අමාත්‍යවරයා සඳහන් කරන්නේ දැවැන්ත පරාජයක් ලැබීමෙන් අනතුරුව වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතු වුවත් එවන් වැඩපිළිවෙළක් ඇතිවන බවක් පෙනෙන්නට නොමැති බැවින් තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොවන බව හැඟී යන හෙයින් සාමාජිකත්වයෙන් ඉවත් වන්නට තීරණය කළ බවයි.
රටේ යහපත උදෙසා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකට කළ නායකත්ව ගුණාංග බෙහෙවින් අගය කරන බවත් අර්ජුන රණතුංග මහතා තම ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.
769 Views
Comments