එළවළු ලොරිය පාර හරහා පෙරළෙයි - රියදුරා, රිය සහයකයාට බරපතලයි

තලවකැලේ, ආඟරපතන සිට කොළඹ මැනිං වෙළෙඳපොළට එළවළු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් මාර්ගය හරහා පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇත.
එම ලොරියේ ගමන්ගත් රියදුරා, රිය සහයකයා ඇතුළු තවත් පුද්ගලයෙක් අනතුරින් බරපතළ තුවාල ලබා හැටන් දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
පෙරේදා(22) රාත්‍රී 10.30ට පමණ එම අනතුර හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදී සිදුව ඇත.
අධික වේගයෙන් ධාවනය කර ඇති ලොරි රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව පෙරළී ගොස් ඇති බව හැටන් පොලීසිය සඳහන් කරයි.
අනතුරට පත් ලොරියේ ප්‍රවාහනය කරමින් තිබූ එළවළු කිලෝ 5,000ක් පමණ වෙනත් ලොරියකින් කොළඹ, මැනිං වෙළෙඳපොළට ප්‍රවාහනය කර තිබෙන අතර ලොරි රථයේ තිබු තේ කුඩු පාර්සල් කිහිපයක් කැඩි ගොස් තිබේ.
පසුව අනතුර සිදුවු ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් තේ කුඩු එක්රැස් කරන ආකාරය දක්නට ලැබුණි.
හැටන් පොලීසියේ රථවාහන අංශය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
764 Views
Comments