කොවිඩ් මරණවල ඉහළ යාමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

කොවිඩ් මරණවල ඉහළ යාමක්

කොවිඩ් මරණවල ඉහළ යාමක්

කොවිඩ් ආසාදිතව තවත් රෝගීන් 31 දෙනකු පසුගිය 21 වනදා මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(22) තහවුරු කළේය.

 

ඒත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,158 දක්වා ඉහළ ගොස් තිබේ.

 

වයස අවුරුදු 60ට වැඩි 23 දෙනෙකු සහ අවුරුදු 30ත් 59ත් අතර 7 දෙනෙකු සහ අවුරුදු 30ට අඩු එක් අයෙකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ සඳහන්වේ.

 

එමෙන්ම මියගිය අය අතර පිරිමි අය 21 දෙනෙකු සහ කාන්තාවන් 10 දොනකු සිටින බවද එම වාර්තාවේ දැක්වේ.

views

685 Views

Comments

arrow-up