ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම් සිදුව ඇති බවට වාර්තාවේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, ගල්කිස්ස, අතුරුගිරිය, මොරටුව යන ප්‍රදේශ වලින්ද බදුල්ල, නුවරඑළිය, මාතලේ, ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින්ද මෙලෙස විදුලිය බිඳ වැටුණු බව පාරිභෝගිකයින් පවසයි.
කොත්මලේ විදුලි බලාගාරයේ සිට බියගම උප පොළ දක්වා විදුලි සැපයුම රැගෙන යන අධිබලැති කේබල් රැහැනක් බිඳවැටීමෙන් ග්‍රිඩ් උප පොළවල් රැසක විදුලිය බිඳ වැටීම් සිදුවූ බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.
727 Views
Comments