නිවසට අයුතු ලෙස ඇතුලුවී එක්දරු මව දූෂණය කලාට වසර 23ක් සිරගෙට

ගම්පහ හෙන්ඩිමහර ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී එම නිවසේ සිටි එක් දරු මවක් දූෂණය කිරීමේ වැරදි සඳහා වරදකරුවූ විත්තිකරුවෙකුට බරපතළ වැඩ සහිතව වසර 23ක සිර දඩුවමක් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ(29) නියම කළේය.
එම සිර දඬුවමට අමතරව චෝදනා සඳහා රුපියල් 55000ක දඩයක් ද නියම විය. වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ 02ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කෙරුණු අතර දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 02ක සිර දඬුවමක්ද නියම විය.
නිවසකට අයුතු ඇතුළු වීමේ චෝදනාව සඳහා නියම වූ බරපතළ වැඩ ඇතිව වසර 08 ක සිර දඬුවම සහ ස්ත්‍රී දූෂණය යන චෝදනාවට නියම වු බරපතළ වැඩ ඇතිව වසර 15ක සිර දඬුවම වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවට නියම කළ මහාධිකරණය දඩ මුදල් නොගෙවන්නේ නම් චෝදනා දෙකට නියම වූ මාස 06 බැගින් වූ සිර දඩුවමද වන්දි මුදල් නොගෙවන්නේ නම් නියම වූ එක් වසරක සිරදඬුවමද වෙන් වෙන් වශයෙන් ගෙවි යායුතු බවට නියම කෙරුණි.
ගම්පහ හෙන්ඩිමහර ප්රුදේශයේ පදිංචිකරුවෙකු වන ඩබ්. එස්. එම්. සෙනරත් බණ්ඩාර රාජ වර්ධන යන 56 හැවිරිදි තිදරු පියෙකුට මෙලෙස් සිර දඬුවම් දඩ නියම විය.
1061 Views
Comments