ලොවක් හැඬවූ ප්‍රියන්තගේ නිසල දේහය සෝ සුසුම් මැද උපන් ගමට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

ලොවක් හැඬවූ ප්‍රියන්තගේ නිසල දේහය සෝ සුසුම් මැද උපන් ගමට

ලොවක් හැඬවූ ප්‍රියන්තගේ නිසල දේහය සෝ සුසුම් මැද උපන් ගමට

පාකිස්තානයේ සියල්කොට්හිදී අන්තවාදී ප්‍රහාරයට ලක්ව ඝාතනය වුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර අද(07) අලු‍යම 3ට පමණ සියල්ලන්ගේ විලාප මැද ඔහුගේ නිවසට රැගෙන එනු ලැබීය.

 

නොසිතූ අවස්ථාවක ආදරණීය බිරිඳ සහ දරුවන් හැර ගිය ප්‍රියන්තගේ දේහය නිවසට රැගෙන එන විට මුළු පරිසරයම ශෝකයෙන් ඇලලී තිබිණ.

 

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්රීස් නම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යධිකාරීවරයෙකු ලෙස සේවයේ නිරතවූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පසුගිය සිකුරාදා(03) ඝාතනයට ලක් විය.

 

සහාසිකයන් විසින් ඝාතනය කල ප්‍රියන්තගේ සිරුරට ගිනි තැබීම හේතුවෙන් සිරුරේ කොටස් පමණක් තැන්පත් කර නිවසට රැගෙන ආවේය.

 

පාකිස්තානයේ ලාහෝර් සිට ඊයේ(06) සවස 5.10ට පමණ මෙරටට රැගෙන ආ ප්‍රියන්ත කුමාරගේ සිරුර මීගමු රෝහලේදී මීගමුව අධිකරණ විශේෂඥ වෛද්‍ය ඉලංගරත්න සහ කුරුණෑගල අධිකරණ වෛද්‍ය අජිත් ජයසිංහ යන මහත්වරුන් සිදුකල පශ්චාත් මරණ පරීක්ෂයෙන් අනතුරුව නිවසට රැගෙන එන ලදී.

views

1394 Views

Comments

arrow-up