ගංජා ප්‍රවාහනය කළ සැප බසය ගංජා කිලෝ 06ක් සමඟ මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

ගංජා ප්‍රවාහනය කළ සැප බසය ගංජා කිලෝ 06ක් සමඟ මාට්ටු

ගංජා ප්‍රවාහනය කළ සැප බසය ගංජා කිලෝ 06ක් සමඟ මාට්ටු

අක්කරපත්තුවේ සිට කොළඹ වරාය කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරමින් සිටි සුඛෝපභෝගී බස් රථයක කේරල ගංජා ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේය.

 

මෙම බස් රථයේ කේරල ගංජා ප්‍රවාහනය කරමින් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව සිදුකල පරික්ෂා කිරීමේදී එහි තුළ තිබී කේරළ ගංජා කිලෝ හයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

 

බස් රථය පරීක්ෂාවට ලක් කරන විට එය කොළඹ සිට පැමිණ තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

views

793 Views

Comments

arrow-up