වැලිපැන්නේ අදත් දිග පෝලිම් - (PHOTOS)

දින පහක නිවාඩුවක් එළඹෙන බැවින් බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට යාම සඳහා අධිවේගී මාර්ග වැලිපැන්න පිවිසුම අසල සිට කිලෝ මීටර් ගණනාවක් දිගු වාහන අද දක්නට ලැබුණි.
වැලිපැන්න පිවිසුමේදී පැය නමයක පමණ කාලයකදී එලෙස පැමිණි වාහන සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂාවේදී අවසර පත්‍රයක් නොමැතිව බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළු වීම සඳහා පැමිණි වාහන ආපසු හරවා යැවීමට කටයුතු කළ බව වැලිපැන්න අධිවේගී රථවාහන පොලිසිය කියයි
වැලිපැන්න පිවිසුමේදී දැඩි පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙන් වාහන රියදුරන්ට පැය ගණනාවක් එක තැන රැඳී සිටීමට ද සිදු විය.
560 Views
Comments