ලොව පුරා ඉන්ධන හිඟයක් - රටවල් කිහිපයක විදුලියක් බිඳ වැටෙයි

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නෙ ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බවයි.
ලෙබනන් හමුදාව සතු ඉන්ධන සංචිත යොදා ගෙන විදුලි උත්පාදන කටයුතු ඇරඹීමට ලෙබනන් විදුලි සමාගම බලාපොරොත්තු වෙන් පසුවුවත් එය ඉක්මනින් සිදුවේද යන්න ගැටළු සහගත බවයි එරට රජය පවසන්නේ.
2020 වර්ෂයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් පසුව එරට පාලන බලයේ සිටි රජය ඉවත් වීමත් සමග ලෙබනනයේ තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක්වෙමින් තිබෙනවා.
අවශ්‍ය ඉන්ධන ගබඩා නොකර ගැනීම ඇතුළු අත්‍යාවශය භාණ්ඩ හිඟකමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පාලන බලය අල්ලා ගැනීමට වෙර දරණ විවිධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය බවයි ජාත්‍යන්තර විශේෂඥයින් පවසන්නේ.
මේ අතර ලොවපුරා බලශක්ති හිඟ තාවයක් මතුවෙමින් පවතිනවා. ඒ ගෝලීය ඉන්ධන හිඟතාවයක් මතුවීමත් සමගයි.
822 Views
Comments