පැන්ඩෝරා ප්‍රකෝටිපතියෝ 93ක් ලංකාවේ - එකම පවුලේ 05කුත් ඒ අතර
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

පැන්ඩෝරා ප්‍රකෝටිපතියෝ 93ක් ලංකාවේ - එකම පවුලේ 05කුත් ඒ අතර

පැන්ඩෝරා ප්‍රකෝටිපතියෝ 93ක් ලංකාවේ - එකම පවුලේ 05කුත් ඒ අතර

ලාංකිකයින් 93 දෙනෙකු සතු විදේශ වත්කම් සහ කළු සල්ලි රටවල් 48ක බැංකුවල සහ පිටරට සමාගම් හි ආයෝජනය කර ඇති බවට ගවේෂණාත්මක මාධ්‍ය ජාලය මගින් හෙළිකල පැන්ඩෝරා ලියකියවිලි වල සඳහන්වේ. මෙසේ මුදල් තැන්පත් කර ඇති බැංකු අතර ජිනීවාහි ස්විස් බැංකු දෙකක්ද ඇතැයි සඳහන්වේ.

 

ඒ අනුව මේ වනවිට ශ‍්‍රී ලාංකිකයන් 343ක වත්කම් පැන්ඩෝරා සහ පැනමා ලියවිලිවලින් හෙළි වී ඇත.

 

වත්කම් සහ කළුසල්ලි හිමි ශ‍්‍රී ලාංකිකයන් අතර අධික මිල සහිත සුපිරි වාහන මෙරටට ආනයනය කරන ව්‍යාපාරිකයෙක්, හෙළිකොප්ටර් සහ වාහන ආනයනයකරුවෙක් සුපිරි වෙළෙඳ සංකීර්ණ ජාලා හිමිකරුවෙක්ද සිටින බවට වාර්තාවේ සඳහන්වේ.

 

ශ‍්‍රී ලාංකික එකම පවුලක පස් දෙනෙකු සතු වත්කම් පිළිබඳවද මෙම ලියකියවිලි මඟින් අනාවරණය කර තිබෙන අතර මොවුහු කොළඹ, මහනුවර, බණ්ඩාරවෙල සහ කෝපායි පදිංචිකරුවෝ වෙති.

 

මෙම ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් ඇති ප්‍රධාන රටවල් ලෙස බහමාස්, සයිප‍්‍රස්, එක්සත් එමීර් රාජ්‍යය, ඩුබායි, හොංකොං, ලෙබනන්, ලක්සම්බර්ග්, මැලේසියා මොල්ටා මොරිෂන්, නවසීලන්තය සිෂේල් සිංගප්පූරුව තායිලන්තය, බි‍්‍රතාන්‍යය, ඇමෙරිකාව, වර්ජින් දූපත් ලෙස අනාවරණය වී තිබේ.

 

මේ අතර කොටි ජාත්‍යන්තර ජාලය සතුව ඩොලර් මිලියන පහක් ජිනීවාහි සුප්‍රසිද්ධ බැංකුවක තිබෙන බවද තොරතුරු හෙළිව තිබේ. 

views

771 Views

Comments

arrow-up